K. Jayathilake

"තාරකා නූතන සිංහල ලේඛිකාවන් අතර ඉදිරියෙන්ම සිටින කෙනෙකු බවත්, ඇයට එම ක්ෂේත්‍රයේ ඉතා හොඳ අනාගතයක් ඇති බවත් කිව හැකියි. කෙසේ වුවත් එහි සාර්ථකත්වය රඳා පවතින්නේ ක්ෂේත්‍රයට ඇගේම නිහතමානී කැපවීම මතයි."
K. Jayathilaka
K. Jayathilake (1926 - 2011)
Sinhala Novelist and Literary critic
Tharaka Wasalamudaliarachchi & K. Jayathilake
K. Jayathilake & Tharaka Wasalamudaliarachchi

Dr. D.B. Nihalsinghe

"තියුණු අධ්‍යයනයකින් පසුව, ඔබ තොරාගන්නා කරුණු ප්‍ර්‍රේක්ෂකයන්ගේ රසය වඩන සේ ඉදිරිපත් කිරීමත්, එම ඉදිරිපත් කිරීම සැරසීමට ඔබ යෙදූ ශිල්පීය ක්‍රම, සහ ඔබගේ මනහර භාෂා විලාසය විශේෂයෙන් අගයමි"
Dr. D.B. Nihalsinghe
Dr. D.B. Nihalsinghe (1939 - 2016)
Veteran Filmmaker

Prof. Tissa Kariyawasam

"තාරකා තමන්ට හිමිවන මාධ්‍ය භූමිකාව සැලකිල්ලෙන් සහ කැපවීමකින් කරන නිසා ඇය ඉදිරිපත් කරන වැඩසටහන්වල ප්‍රමිතියක් ඇත. තමන්ගේ රාජකාරිය උත්තම තලයට ගන්නට ඇය දිරිගනියි. එහි ප්‍රතිඵල ප්‍රශංසාත්මකය. ඇගේ "චරිත", සහ "පෙරවදන" අගය කළ හැකි උසස් ප්‍රමිතීන්ගෙන් සමන්විතය."
Prof. Tissa Kariyawasam
Prof. Tissa Kariyawasam (1942 - 2014)
Tharaka Wasalamudaliarachchi receiving her Diploma in Journalism from Prof. Tissa Kariyawasam
Tharaka Wasalamudaliarachchi receiving her Diploma in Journalism from Prof. Tissa Kariyawasam

Dr. Nuwan Nayanajith Kumara

"තාරකා වාසලමුදලිආරච්චි යනු නව පරපුරේ කැපී පෙනෙන කුසලතා සපිරි නවකතාකාරියකි. ඇය පළමුවෙන්ම ප්‍රකට වූයේ හරවත්, ගවේෂණශීලී වැඩසටහන් රචනා කරමින් විද්‍යුත් සන්නිවේදිකාවක වශයෙනි. හෙළිදරව්ව, චරිත, පෙරවදන එහි ඈ තැබූ මග සලකුණු වේ."
Dr. Nuwan Nayanajith Kumara
Dr. Nuwan Nayanajith Kumara
Author & Lecturer
Tharaka Wasalamudaliarachchi with Nuwan Nayanajith Kumara
Tharaka Wasalamudaliarachchi with Nuwan Nayanajith Kumara

Henry Jayasena

"තාරකා සිය කුළුඳුල් නවකතාව තමාට අකුරු කළ ගුරුවරුන්ට පුදයි. ඇයට උගැන්වූ ගුරුවරුන්ද එම කාර්යය ඉතා හොඳින් සිදුකළ බව පෙනේ. අද නවකතාකරණයට පිවිසෙන බොහෝ අය අපගේ අත්දැකීම්වලට දූරස්ථ වූ ආගන්තුක වස්තු විෂයයන් තෝරා ගනිති. නොඑසේ නම් බාල බොළඳ සුලබ ප්‍රේමකතා ඉදිරිපත් කරති. බටහිරින් වුවද ඔවුන් ආභාසය ලබන්නේ ලෝක පූජිත නවකතාකරුවන්ගෙන් නොව අසංවේදී වත්මන් බටහිර නවකතාකරුවන්ගෙනි. අපේ වාසනාවට තාරකා වාසලමුදලිආරච්චි ඒ ගමන්මග ගොස් නැත. උගතුන් යැයි සැලකෙන අපේ ඇතැම් නවකතාකරුවන් පවා ඇද වැටුණු අතිශය නාගරික, අශෝභන, චූල සම්ප්‍රදායට ඇය හසුවී නැත. ඇය හසුවන්නේ මහා නවකතාකරු මාර්ටින් වික්‍රමසිංහයන් මෙරට හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා ප්‍රවේසමෙන් අකුරු කරන ලද මහා සම්ප්‍රදායටය. ඉන් අනතුරුව කේ. ජයතිලක, මහගම සේකර, මඩවල එස්. රත්නායක ආදී ලේඛකයින් විසින් පෝෂණය කරන ලද්දා වූ මහා සම්ප්‍රදායටය. "අන්දරමණ්ඩිය" යනු හුදෙක් කල්පිතය මත නොව කතුවරියගේ ජීවන අත්දැකීම මත පිහිටා රචනය කරන ලද අගේ ඇති නවකතාවකි."
Henry Jayasena
Henry Jayasena (1931 - 2009)
Veteran Playwright & Actor
Tharaka Wasalamudaliarachchi & Henry Jayasena
Tharaka Wasalamudaliarachchi & Henry Jayasena

Kumara Siriwardane

"තාරකා වාසලමුදලිආරච්චි ලේඛිකාවක, නවකතාකාරියක, රූපවාහිනී නිවේදිකාවක, තිර රචිකාවියක, රංගන ශිල්පිණියක ආදී විවිධාකාරයෙන් සිය රසිකයන් හමුවට පැමිණි කෙනෙකි. ඇය "ලොවින් එකෙන් එක් දෙයකට වෙයි සමත" යන කියමන මුසාවක් බවට පත් කළ තැනැත්තියකි."
Kumara Siriwardana
Kumara Siriwardana
Expert Writer

Parakrama Kodithuwakku

"අලුත් අවුරුද්දේ පළමුවෙන්ම මා අතට ලැබුණු අලුත් පොතයි "දෙහි". තාරකා වාසලමුදලිආරච්චිගේ "දෙහි" නවකතාව අප සාහිත්‍යයට එක් වීමේ සුබ නිමිත්තක් මං දකිනව. තාරකා පෑන හරවන්නෙ තාරකා ලොවකට නෙවෙයි. මහ පොළොවට. පොළොවෙ හැපි හැපි වැඩ කරන මිනිස්සුන්ගෙ ජීවිත දිහාවටයි. තාරකා දෙහි නවකතාවෙන් දෙහි වගාවට දුක් ගන්නා හීන් මැණිකෙලාගෙ, හේරත් බණ්ඩලාගෙ ජීවිත ගැන වගේම, ඊළඟ පරපුරේ සමන්මලීලා ගැනත් කතා කරනව. ජනමාධ්‍යයවේදිනියක හැටියට සමාජ හෙළිදරව් වැඩසටහන් නිපදවමින් මොනරාගල ගැමි යායේ ජීවත් වීමෙන් ලද අත්දැකීම් ඇය "දෙහි" නවකතාවේ තැන්පත් කරන්නේ එම සමාජ වේදනාවෙන් නැගෙන සුසුමක් ලෙසටයි. හොඳ නවකතාවක උත්තමඅංගය වන්නේ සාහිත්‍යමය අවංකභාවයයි. ලේඛිකාව ඇතැම් තතු කියාපාන්නේ අව්‍යාජ රීතියකිනි. ගොවීන්ගේ ජීවිත නාටකයෙහි ඇතැම් අංග සජීවී ලෙස කීමට, දක්නට අවශ්‍ය ප්‍රතිභා ඇස තාරකාගේ ඇතැම් වර්ණනයන්ගෙන් තියුණුව පළ වෙයි. එහෙත් නවකතාවේ ඇතැම් පිටු විනාශ වී ඇත්තේ තාරකා වාසලමුදලිආරච්චි සිය භාග්‍යමත් පෑන අතහැර මයික්‍රෆෝනය අතට ගත් අවස්ථා වලදීය. දෙහි නවකතාවේ "සමන්මලීට" ශක්තිය නොදුන් සමාජයටත්, පාඨකයාටත්, තමාටත් ලේඛිකාව චෝදනා පත්‍රයක් එල්ල කරයි. එම චෝදනා පත්‍රය යථාර්ථයේ මුළු මුහුණුවර පාඨකයා හමුවට ගෙන ඒමක් නොවේද? සමාජය ගැන, මිනිසුන්ගේ ඇත්ත ජීවිතය ගැන ලියන්නට නොදත්, නොසිතන, කාම නිස්සිත කෘති සමාජය පිට බලෙන් පටවමින්, අපිරිසිදු ඥාන විශේෂ වගුරුවමින් සිටින අපේ බොහෝ පශ්චාත් නූතනවාදී කලාකරුවන්ට තාරකා වාසලමුදලිආරච්චිගේ "දෙහි" නවකතාව සැර ඇසිඩ් පරීක්ෂණයක් වනු ඇත."
Parakrama Kodithuwakku
Parakrama Kodithuwakku
A Sinhala Poet
Parakrama Kodithuwakku & Tharaka Wasalamudaliarachchi
Parakrama Kodithuwakku & Tharaka Wasalamudaliarachchi

Buddhadasa Galappaththi

"ස්වර්ණවාහිනිය පසුගිය වසර එකහමාරක් පමණ අපූරු වැඩසටහනක් විකාශය කළාය. "පෙරවදන" නම් වූ එහි නිෂ්පාදිකාව සහ ඉදිරිපත් කරන්නිය වූයේ සාහිත්‍ය කලාවන්ට ඇලුම් කරන, නවකතාකාරියක ලෙසද පාඨක රසික ප්‍රජාව අතර නමක් සටහන් කර සිටින තාරකා වාසලමුදලිආරච්චිය. සඳුදා සිට සිකුරාදා දක්වා, සතියේ දින පහක අඩ පැයක් තාරකා විසින් මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි ප්‍රතිභාන්විත කලාකරුවකු මැදිරියට කැඳවා ඔහු හෝ ඇය සමග ඔවුන්ගේ නිර්මාණ පිළිබඳව සජීවීව, ඔවුන් නිර්මාණභ්‍යාසයට ලක් කළ අයුරු ප්‍රේක්ෂක ප්‍රසාදයට ලක් විය. "පෙරවදන" සුලබ සංවාදයකින් ඔබ්බට ගිය ගැඹුරකින් යුතු සජීවී වැඩසටහනකි. ඊට ගැළපෙන සාහිත්‍යකරුවන් සොයාගැනීම හා ඔවුන් සමග සාකච්ඡා කළ යුතු දෑ පිළිබඳව පෙර සූදානම අභියෝගාත්මක දුෂ්කර කාර්යයක් යැයි "සහෘද" සලකයි. තාරකා මේ දුෂ්කර අභියෝගය ජයගත් මාධ්‍යවේදිනියක වූවාය."
Buddhadasa Galappaththi
Buddhadasa Galappaththi
A Sinhala Poet & Lyricist
Buddadhasa Galappathhi & Tharaka Wasalamudaliarachchi
Buddadhasa Galappathhi & Tharaka Wasalamudaliarachchi

Dr. Ajantha Ranasinghe

"විරල ගණයට අයත්ව ප්‍රමුඛ පෙළට මා තුළ අවතීරණ වූ සිංහල සාහිත්‍ය කෘති අතළොස්ස අතර තාරකා වාසලමුදලිආරච්චි ලියූ "දෙහි" නම් වූ නවකතා කෘතිය නිර්මාණාත්මක ගුණයෙන්, පෝෂණයෙන් නොමද, නොඅඩු කෘතියක් වශයෙන් හැඳින්වීමට මම කැමැත්තෙමි. තාරකා නමැති කෘතහස්ත රූපවාහිනී ශිල්පිණිය, ටෙලි වෘත්තාන්ත රංගවේදිනිය වෙත ඇයගේ ශ්‍රාවකයකු වශයෙන් මගේ බැඳීම් තාවකාලිකව අත් හිටුවා දැමීම, "දෙහි" නම් නවකතා කෘතිය ස්වාධීන චින්තනයෙන් විඳ ගැනීමට මට පහසු කාර්යයක් විය. දෙහි කෘතියේ මා දකින විශේෂයක් නම් දුක් පීඩාවෙන් අමනුස්සකමින් ගහණ වූ පිටිසර ජීවන වටපිටාවන් ඒ නුගුණගම වෙනත් අපූර්ව මුහුණුවරකින් සැරිසරණ නාගරික පරිසරයද කතුවරිය තුළනාත්මකව මැනවින් විග්‍රහ කර තිබීමයි. දෙහි කෘතියේ බස්වහර පිළිබඳව විටෙක මම මවිත වූයෙමි. කතුවරිය ගමේගොඩේ බස මෙතරම් ආකර්ශණීය ලෙස හඳුනන්නේ කෙසේදැයි සිතේ. විටෙක ඇයගේ අක්මුල් ගැමි පරිසරයට මුල් බැසගෙන තිබෙන්නට ඇත."
Dr. Ajantha Ranasinghe
Dr. Ajantha Ranasinghe
A Sinhala Lyricist & Journalist

Gamini Weragama

"ගිහි ජීවිතය පාලනය වනුයේ තෘෂ්ණාව සහ බැඳීම් වලිනි. එහෙත් එහි ඛේදජනක ප්‍රතිඵල උරුම විය යුත්තේ ස්ත්‍රියට පමණක්ද? චේති අපෙන් විමසන්නේ එයයි. එහෙත් එය භීන්නෝන්මාදයෙන් පෙළෙන ස්ත්‍රියක නගන පැනයක් නම් නොවේ. ජීවිතයේ යථාව අවබෝධ කරගත් පුද්ගලයෙකු නගන පැනයකි. චේති මුහුණ දෙන අත්දැකීම් අපේ හදවත සසල කරන්නේ ඒ නිසාය. "කළු" නවකතාවේ "චේතිගේ" භීන්නෝන්මාදය තුළ ගැබ්ව ඇති සත්‍යය එයයි. කතුවරිය අපගේ ප්‍රඥා ඇස යොමු කරවන්නේ ඒ වෙතටයි. මේ සංකීර්ණ අත්දැකීමට උචිත ආකෘතියක පිහිටන්නට තාරකා නමැති කතුවරිය සමත් වන්නීය. "කළු" ස්ත්‍රී ස්වභාවය තවත් කෝණයකින් විමසා බැලීමට දරන ප්‍රශස්ත ප්‍රයත්නයකි."
Gamini Weragama
Gamini Weragama
A Sinhala Author

Gamini Kandepola

"තාරකා වාසලමුදලිආරච්චි නූතන සිංහල නවකතා ක්ෂේත්‍රයේ ගුණාත්මක වෙනසක් ඇති කිරීමට නිතර උත්සාහ ගන්නා ලේඛිකාවකි. හෙදු සමාජය හමුවේ මෙතෙක් අවධාරණය නොවුණු, එහෙත් අවධානය යොමු විය යුතුව තිබුණු කාරණා දෙස තම නවකතාව හරහා සංවේදීව හා මානුෂීයව බැලීමට සමත්ව ඇති තාරකා ශිල්පීය වශයෙන්ද නවකතාවේ යම් යම් ආකෘතික රාමු බිඳ දැමීමට මහන්සි ගනිමින් සිටින බවද පෙනේ. ඇගේ අලුත්ම නවකතාව "කළු" ය. එය ද ඉහත කී කාරණා සාධනය කිරීමෙහි සමත්ය."
Gamini Kandepola
Gamini Kandepola
A Sinhala Author

Vihanga Arosh Shiyan Senarathne

"කලා, සාහිත්‍ය, මාධ්‍ය – තුනම එකට එක් කළ ශක්තිමත් සිංහල කාන්තාවක්. තාරකා වාසලමුදලිආරච්චි කියන්නේ නමක් නෙමෙයි, එක් යුගයක්."
Vihanga Arosh Shiyan Senarathne
Vihanga Arosh Shiyan Senarathne
A News Paper Article written by Tissa Kariyawasam on Tharaka Wasalamudaliarachchi
A News Paper Article written by Tissa Kariyawasam on Tharaka Wasalamudaliarachchi